ටිපර් රථ අනතුරින් පිය පුතුන් මරුට
යාපනය නුවර A9 මාර්ගයේ කිලිනොච්චිය , පලෙයි ඉත්තෑවිල් ප්‍රදේශයේදී මෝටර් රථයක් ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
මෝටර් රථය’ ටිපර් රථයක ගැටී පියා සහ පුතුන් දෙදෙනා මියගොස් ඇතැයි පලෙයි පොලිසිය සඳහන් කරයි.
එම මෝටර් රථය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.
මියගිය පියා 40 හැවිරිදි වන අතර පුතුන් දෙදෙනා අවුරුදු 11ක් සහ 09ක් වයසැති වෙයි. තුවාල ලැබූ පුතුන් දෙදෙනා රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. පියා මියගොස් තිබෙන්නේ කිලිනොච්චිය රෝහලට ඇතුලත්කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ය.