News

ටෙන්ඩර් පටිපාටි කඩා දකුණු පළාත් සභාව හිතුමතේ වැඩ

දකුණු පළාත් සභාව මගින් කර්මාන්ත හයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඒවා ප්‍රදානය කිරීමකින් තොරව එකම කොන්ත්‍රාත්කරුවකුට වැඩ භාරදී ඇති බව වාර්තා වේ.

රුපියල් ලක්ෂ 307ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 2017 නොවැම්බර් 16 වැනි දින මෙලෙස ලංසු කැඳවා ඇත.එලෙස ලංසු කැඳවා තිබියදී 2017 නොවැම්බර් 29 වැනි දින සිට දෙසැම්බර් 11 වැනි දින දක්වා කාලයේදී එම කර්මාන්තවල වැඩ ආරම්භ කර තිබේ. මෙලෙස එකම කොන්ත්‍රාත්කරුවකුට වැඩ බාරදී ඇත්තේ 2017 දෙසැම්බර් 15 වැනි දිනදීය.

එම ඉදිකිරීම් ද නිසි පරිදි සිදු කර නොතිබූ බව අධිකරණ විභාගයකදී හෙළිවී ඇත.

චමින්ද සේනාරත්න