ඩුබායි වලින් පිටුවහල් කළ තවත් දෙදෙනෙකු දිවයිනට
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් අද (18) අළුයම 5.55ට පමණ මෙරටට පැමිණි බව පොලීසිය පවසයි.
පියල් පුෂ්ප කුමාර සහ මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් දෙදෙනා ප්‍රශ්න කිරීම සදහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයට භාරයට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.