News

ඩුබායි වලින් පිටුවහල් කළ මාකඳුරේ මධුෂ් කටුනායකදී CID අත්අඩංගුවට

පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වන සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් අද (05) එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව වෙත එවා ඇති අතර පසුව කටුනායකදී CID භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද අලුයම 5.00ට පමණ ඔහු දිවයිනට පැමිණි බවයි.

පසුගිය පෙබරවාරි 0වන දින ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදුෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් අතර එම පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වෑන් රෝයන් යන අය ද සිටියේය.

අත්අඩංගුවට ගත් පිරිස් සම්න්ධයෙන් එරට ආරක්ෂක අංශ පරීක්ෂන පවත්වා අවස්ථා කිහිපයකදී එරටින් පිටුවහල් කරනු ලැබුවේය.