ඩුබායි සිට තැපෑලෙන් ආ මත්ද්‍රව්‍ය තොගය
මෙරටට තැපැල් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනාවරණයකර ගැනීමට හැකිවී තිබේ.
ඉකුත් වසරේ දෙසැම්බර් 27 වන දින ඩුබායි සිට ගුවන් මගින් යම් පාර්සලයක් මෙරටට එවා තිබූ අතර එම පාර්සලයේ සඳහන් වූ නම ව්‍යාජ එකක් බවට එහිදී අනාවරණය වී තිබුණි.
ඒ අනුව අදාළ පාර්සලය ලබා ගැනීමට කිසිදු පුද්ගලයෙකු පැමිණ නොමැති අතර එය සැකසහිත පාර්සලයක් බවට හඳුනාගෙන පරීක්ෂා කිරීමේ දී එම පාර්සලය තුළ ගංජා මිශ්‍ර කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27ක්, කුෂ් ඔයිල් ග්‍රෑම් 38ක් තිබී සොයා ගැණුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඊට අමතරව පසුගිය ජනවාරි 4 වනදා ප්‍රංශයේ සිට ඩුබායි හරහා තවත් පුද්ගලයෙකුට පාර්සලයක් ලැබී තිබූ අතර ඒ තුළ මත් පෙති 4962ක් තිබී සොයාගෙන ඇති අතර එම පාර්සලය ද ව්‍යාජ නමකට එවා ඇති බවට අනාවරණය වී තිබුණි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ භාණ්ඩ නිශ්කාෂණ සමාගම් සමග සම්බන්ධවෙමින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙවැනි පාර්සල්, ඒවා එවන පුද්ලගයින් සහ මෙරටදී ඒවා භාරගැනීමට සිටින පුද්ගලයින් ගැන වැඩි අවධනයකින් කටයුතු කරමින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.