News

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් නදීමාල් පෙරේරා ශ්‍රී ලංකාවට

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා හා බන්ධනාගාර නියාමක ලලිත් කුමාර ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඔවුන් අද (27) අලුයම ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව ය.

නදීමාල් පෙරේරාගෙන් හා ලලිත් කුමාර යන අයගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

දැනට ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.