ඩෙංගු නසන උල්බැකියා 17 වැනිදා පරිසරයට මුදාහැරේ
ඩෙංගු මදුරු මර්දනය සඳහා උල්බැකියා බැක්ටීරියාව පරිසරයට මුදාහැරීම පෙබරවාරි 17 වැනි දින සිදුකරන බව ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.
ඔස්ට්‍රේලියාවේ මොනෑන්ස් විශ්වවිද්‍යාලය සමග එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන අතර එහිදී සිදු කරනුයේ උල්බැකියා බැක්ටීරියාව ඩෙංගු බෝකරන මදුරුවන්ගේ බිත්තරවලට ඇතුළු කිරීමය. මෙහිදී සිදුවන්නේ ඩෙංගු මදුරුවාගේ ශරීරයේ උල්බැකියා බැක්ටීරියාව වේගයෙන් මර්දනය වීම හා ඩෙංගු වෛරසයට වැඩීමට අවශ්‍ය වටපිටාවක් ගොඩනොනැගීම බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. උල්බැකියා බැක්ටීරියාව බොහෝ කෘමීන්ගේ සිරුරේ සිටින නමුත් ඩෙංගු බෝකරන මදුරුවාගේ සිරුරේ නැත. මෙසේ එම මදුරුවාගේ සිරුර තුළට ඇතුළු කර ඩෙංගු බෝකරන වෛරස මර්දනය කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ මොනෑන්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සොයාගත් බවද වෛද්‍ය අරුණ ජයසේකර අවධාරණය කරයි. උල්බැකියා බැක්ටීරියාව ඇතුළු කළ මදුරුවන් පරිසරයට මුදාහැරීම ලබන 17 වැනිදා නුගේගොඩ සහ උතුරු කොළඹ ප්‍රදේශ කිහිපයකින් ආරම්භ කරන බවත්, එහි සාර්ථකත්වය අනුව පියවරෙන් පියවර දිවයින පුරාම මෙය ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.
ශ්‍රියානි විජේසිංහ
