ඩෙනිශ්වරන් විග්නේශ්වරන්ට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව එළැඹෙන 5 වැනිදා
උතුරු පළාත් ප්‍රවාහන, ධීවර හා ග්‍රාමීය සංවර්ධන කටයුතු අමාත්‍යධූරයෙන් අයථා අන්දමින් තමා ඉවත් කිරීමට විරුද්ධව තමන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනු කළ නඩු විභාගයේ තීන්දුව එළැඹෙන 05 වැනිදා ලබාදීමට අභියාචනාධිකරණය කටයුතු කරනු ඇති බව උතුරු පළාත් හිටපු අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා පවසයි.
අදාළ නඩු විභාගය ඊයේ(23) කැදවීම සම්බන්ධයෙන් විමසීමේදී හෙතෙම එලෙස පැවසුවේය.
ඩෙනිශ්වරන් මහතා පැවසූෙවි පසුගිය 2017 අගෝස්තු 20 වැනිදා විග්නේශ්වරන් මහතා තමන් අමාත්‍යධූරයෙන් ඉවත් කළ බවට ලිපියක් යොමු කරලා තිබුණා. එහෙත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, පළාත් පාලන හා පළාත් සභා පනත අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට අමාත්‍යවරුන් ඉවත් කිරීමට බලයක් දීලා නෑ.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා,පළාත් සභාෙවි අනෙකුත් අමාත්‍යවරුන්, පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද වගඋත්තරකරුවන් කරමින් නඩුව ගොනු කළ බවද ඩෙනිශ්වරන් මහතා ස`දහන් කළේය.
ඩෙනිශ්වරන් මහතා පැවසූෙවි විග්නේශ්වරන් මහතා නීති විරෝධි ක්‍රියාවක් සිදුකොට ඇති බැවින් තමන් ඊට එරෙහිව නඩුවක් ගොනු කළ බවයි.
නඩු විභාගයේ තීන්දුව අනුව තමන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඩෙනිශ්වරන් මහතා ප්‍රකාශ කළේය.
වවුනියාව – මාධව කුලසූරිය
