News

ඇ. ඩොලරය ඉතිහාසයේ ඉහළම විකුණුම් මිල අද වාර්තාකරයි

ඇ. ඩොලරය ඉතිහාසයේ ඉහළම විකුණුම් මිල අද වාර්තාකරයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා රුපියලේ අගය අද (29) රුපියල් 201යි ශත 77ක් දක්වා පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (29) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිලෙහි අගය සටහන් වූයේ රුපියල් 201.77ක් ලෙසයි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස අද දිනයේ සටහන වූයේ රුපියල් 197යි ශත 28ක් ලෙසිනි.

පසුගිය 17 වැනිදා ‌ඩොලරයක ගැණුම් මිල රුපියල් 197.58ක් ලෙස ඉතිහාසයේ ඉහළම ගැනුම් මිල ලෙස ද වාර්තා වාර්තා විය.