News

ඩොලරය 199.40ට නගී

නව කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙටර ඉතිහාසයේ පළමු වතාවට අද (06) 199 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 199.40 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 193.35ක් ලෙසත් දැක්විණි.