News

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 48ක් ජලය කපයි

තංගල්ල, පලපොත ප්‍රධාන සම්ප්‍රේෂණ නල අලූත්වැඩියාවක් හේතුවෙන් හෙට උදෑසන 8 සිට 30 වනදා උදෑසන 8 දක්වා පැය 48 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව තංගල්ල පලපොත, කදුරුපොකුණ, සීනිමෝදර, උනාකූරුව, ගොයම්බොක්ක, කොස්වත්ත සහ පල්ලිකුඩාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ