News

තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීමට මෙතෙක් සිදු නොකල වැඩසටහන් ක්‍රියාත්මක කරනවා

තම ධූර කාලය අවසන්වීමට පෙර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇතුළත් සියලු කරුණු සම්පූර්ණ කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

රට වෙනුවෙන් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කළේ වසර 04 කට අධික කාලයක් සිදුකළ සමීක්ෂණ හා සාකච්ඡාවලින් පසුව බවත් තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙතෙක් සිදු නොකළ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.