තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු වැඩ බිමකින් සොයාගැනේ
වැලිගම දෙණිපිටියේ වැඩ බිමකින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.
පොලීසිය පැවසුවේ වැඩ බිමේ වළක තිබී එම සිරුරු සොයා ගත් බවත් ඔවුන් මියගොස් ඇත්තේ එම වැඩ බිමේ රැකියාවේ නිරතව සිටි කම්කරුවන් දෙදෙනෙකු බවත්ය.
ඔවුන් වයස අවුරුදු 27 සහ 31 වියෙහි පසුවන්නන් බවය පොලිසිය සදහන් කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.