තරුණයින් 11දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියට නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
2008 වසරේ කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ නාවික හමුදාවේ සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණයන් පැහැර ගැනීම, ඝාතනය සඳහා අනුබල ලබාදීම, ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.