තලාව ප්‍රා.සභාපති කොවිඩ් ආසාදිතයි
තලාව ප්‍රදේශීය සභාපති, උපසභාපති, මන්ත්‍රීවරුන් අට දෙනෙකු ද ඇතුළුව 28 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තලාව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කපිල දිසානායක මහතා සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නතරකර ඇතැයි ද වාර්තා වී ඇත.
කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමග සෘජුව සම්බන්ධතාවයක් නොපවත්වන අනෙක් සේවකයන්ද අහඹු පරීක්ෂණයට භාජනය කළ අවස්ථාවේදී ඉන් එක් අයකු ද මෙම රෝගයට ගොදුරු වී ඇති බව හදුනාගෙන තිබුණි .
එසේම මේවන විට තලාව,මොරගොඩ,එප්පාවල,කටියාව,කැළේ සියඹලෑව,ඇදගල,නල්ලමුදාව ,තඹුත්තේගම ආදී ප්‍රදේශවල පවුල් 60ක සමාජීකයන් 130ක් පමණ ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.