තලාව මොරගොඩ ප්රදේශයේ මාරක අනතුරකින් ගැබිණි කාන්තාවක් ඇතුළු තිදෙනක් මරුට
අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූවන් අතර ගැබිණි කාන්තාවක් ද වන බවයි.
වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ තිදෙනෙකු වන අතර බරපතළ තුවාල ලැබූ 6 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.
ඉන් තිදෙනෙකු ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින්ය.
