News

තවත් 240කට කොරෝනා ආසාදනය වෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 240දෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 81707ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් ආසාදිතයින් 76961දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 4289දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 457කි.