News

තවත් අංශ කිහිපයකට සහන දෙන්න රජයේ අවධානය

ජනාධිපති කාර්යය සාධක බලකාය මඟින් සමෘද්ධි නිලධාරින් හරහා මෙතෙක් සහන නොලද තවත් අංශ කිහිපයකට සහන සැලසීමට මේ මස 20 වනදා සිට එකවර ගෙවන රුපියල් 5000ක මුදලක් ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.

පෙර පාසල් ගුරුවරියන්, කුඩා තේ වතු හිමියන්, ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන්, අත්යන්ත්‍ර හා පේෂ කර්මාන්තකරුවන්, හස්ත කර්මාන්තකරුවන්, උසාවි වල නඩත්තු ලැබිමට සුදුසුකම් ලැබූවන්, පුද්ගලික බස් රථ රියදුරු හා කොන්දොස්තරවරුන් හා පාරම්පරික ආයුර්වේද වෙද මහතුන් අදාල දිමනාව ලැබීමට සුදුසුකම් ලබයි.

මීට අමතරව ඉදිකිරිම් ක්ෂේත්‍රයේ සේවා සපයන්නන්, සුළු කර්මාන්තකරුවන් ප්‍රාදේශිය මට්ටමේ සහ ග්‍රාමිය මට්ටමින් සේවා සපයන්නන් මෙන්ම, ග්‍රාමිය අලෙවිකරණයේ යෙදෙන්නන් ද දිමනාව ලැබීමට සුදුසුකම් ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.

ඒ සඳහා ග්‍රාමිය කමිටුවක් මඟින් ඉල්ලුම්පතක් සම්පූර්ණකර භාරදිය යුතු බව අමාත්‍යවරිය සඳහන් කළේය.