News

තවත් පවුල් ලක්ෂ දහයකට පන්දාහේ දීමනාව දෙනවා

මේ වන විට රුපියල් පන් දහසේ විශේෂ දීමනාව ලබා දුන් පවුල්වලට අමතරව තවත් පවුල් ලක්ෂ දහයකට එම දීමනාව ලබා දීම සඳහා ලැයිස්තු සකස් කරමින් සිටින බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ ( 09 ) පැවැසුවේය.

ස්වයං රැකියා කළ පිරිස මෙන්ම එදිනෙදා කුලී වැඩ කළ පිරිසද මේ දිනවල දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කී ඇමැතිවරයා එවැනි පවුල් සඳහාද රුපියල් 5000 ක දීමනාව ලබා දීම සඳහා ග්‍රාම නිළධාරීන්ගේ මැදිහත්වීම මත ලැයිස්තු සකස් කරමින් සිටින බවද සඳහන් කළේය.

 

අජිත් අලහකෝන්