News

තවත් ස්පුට්නික්-V මාත්‍රා මිලියන 06කට අනුමැතිය

තවත් ස්පුට්නික්-V මාත්‍රා මිලියන 06කට අනුමැතිය

තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ස්පුට්නික්-V කොවිඩ් එන්නත් මිලියන 7ක් මිල දී ගැනීමට මීට පෙර අනුමැතිය ලැබී ඇති අතර එම මිලටම තවත් තවත් එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.

එක් එන්නත් මාත්‍රාවක් අමෙරිකානු ඩොලර් 9.95ක් බැගින් මිල දී ගැනීමට නියමිතය.

ඒ අනුව, මිල දී ගැනීමට අනුමැතිය හිමි වූ ස්පුට්නික්-V එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 13කි.