තවත් හමුදා බුද්ධි නිලධාරියෙක් CID අත්අඩංගුවට
මාධ්‍යවෙිදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ හත්වෙනි සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් එරන්ත පීරිස් පොලිස් අපරාධ පරීක්ෂණ පාර්තමේන්තුව මගින් අද (20වැනිදා) අත්ඩංගුවට ගෙන තිබේ.
එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු හෙට 21වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.