ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ සැකකරුවන් මෙරටට පැමිණීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්
ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ සැකකරුවන් මෙරටට පැමිණීම වැළැක්වීම අරමුණින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ සඳහා ජාත්‍යන්තර පොලීසියේ දත්ත ගොනුව හා සම්බන්ධ කෙරෙන විශේෂ මෘදුකාංගයක් ද ගුවන්තොටුපොළ ආගමන විගමන කවුළුවල ක්‍රියාත්මක කර ඇති බවය.
එමෙන්ම මෙරටින් විදේශ ගතවීම සදහා පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන ලෙසට ගුවන් තොටුපළ ආරක්ෂක අංශ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
මේ අතර කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ ගෙන ඇති ආරක්ෂක විධිවිධාන හේතුවෙන් පවතින රථ වාහන තදබදය මගහරවා ගැනීම සඳහා පියවර කිහිපයක් අනුගමනය කරන ලෙස ගුවන්තොටුපල බලධාරින් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා මිනුවන්ගොඩ සිට පැමිණෙන වාහන ජා-ඇල මාර්ගය භාවිත කොට අධිවේගී මාර්ගයට පිවිසීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.
අධිවේගී මාර්ගය භාවිත කරමින් මිනුවන්ගොඩ කුරුණෑගල යන ප්‍රදේශවලට ගමන් කිරීමට නියමිත රථ වාහන ජා ඇල අධිවේගී පිටවුම භාවිත කොට ජාඇල මිනුවන්ගොඩ මාර්ගයේ ඔස්සේ ගමන් කරන ලෙස ගුවන්තොටුපල බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
මිනුවන්ගොඩ දෙස සිට මීගමුව කටනායක අවට ප්‍රදේශවලට ගමන් කරන වාහන ගුවන්තොටල ඉදිරියෙන් දිවෙන කටුනායක මිනුවන්ගොඩ මාර්ගය භාවිත කිරීමෙන් වළකින ලෙස ද එම බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.