ත්‍රිරෝද රථයක් පෙරලී බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු රෝහලේ
තිරිංග ක‍්‍රියාත්මක නොවීම නිසා බණ්ඩාරවෙල නගරයේ වැලිමඩ මාර්ගයේදී අද දහවල් ත‍්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි පනහක පමණ ප‍්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
ත‍්‍රීරෝද රථයේ රියදුරු ලෙස සේවයේ නියුතුව සිටි රියදුරු හා බණ්ඩාරවෙල වැලිමඩ දිගනතැන්න ප‍්‍රදේශයේ පදිංචි සිටි වයස අවුරුදු 40ක් පමණ පුද්ගලයෙකු මෙම අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
බණ්ඩාරවෙල නගරයේ සුපිරි වෙළදසැලකට ගොස් ආපසු ත‍්‍රීරෝද රථය ප‍්‍රධාන මාර්ගයට ඇතුලූ කිරීමට යාමේදී තිරිංග ක‍්‍රියාත්මක නොවීම නිසා ත‍්‍රීරෝද රථය පිටුපසට ගමන් කර මෙම ප‍්‍රපාතයට පෙරළී තිබේ. බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
වැලිමඩ – පේ‍්‍රමලාල් රත්නායක