ත්‍රිවිද හමුදාවට හා අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් උපදෙස්
අධිකරණය විසින් ඊයේ (03) දින අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
ඒ අනුව පවත්නා නීතිය යටතේ මහජන සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටුකරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම සියලූම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත ජනාධිපතිවරයා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇත.