ත්‍රිවීල් අංකයකින් ප්‍රාඩෝ ජීප් රථයක් පැදවූ හිටපු ඇමැතිවරයෙකුගේ ලේකම් අත්අඩංගුවට
අනන්‍යතාවය හෙලිකර ගැනීමට නොහැකි වූ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සමග හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අද (16) පස්වරුවේ නාරම්මබල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹදෙනිය ප්‍රදේශ පදිංචිකරුවෙකි.
ත්‍රිරෝද රථයක ලියාපදිංචි අංකයක් භාවිතා කරමින් අවුරුදු දෙකකට ආසන්න කාලයක් සැකකරු විසින් මෙම රථය භාවිතා කොට ඇති බව විමර්ශන වලදී හෙළිවී ඇත.
නාරම්මල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේශබන්දු සේනාරත්න ඉදිරි විමර්ශන සිදුකරයි.
හේමන්ත ලියනපතිරණ
