News

තායිවානයේ දුම්රිය අනතුරකින් 36ක් මරුට

තායිවානයේ දුම්රිය අනතුරකින් 36ක් මරුට

තායිවානයේ දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 36 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට අගනුවර වන තායිපේ සිට තයිතුන් දක්වා ගමන් කරමින් තිබූ දුම්රිය උමං මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් තිබියදී මෙලෙස අනතුරට ලක්ව ඇත.

එම දුම්රිය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 350 දෙනෙක් පමණ ගමන් කර ඇති අතර 36 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 72ක් දුම්රිය මැදිරි තුළ සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට පත් දුම්රියේ ගමන් කරමින් සිටි වැඩි පිරිස සංචාරකයින් වන අතර අනතුර දශක ගණනාවකට පසු සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙස සළකයි.

සහන කණ්ඩායම් , උමඟ තුළ මැදිරි හතරක සිර වී සිටින මගීන් බේරා ගැනීම සඳහා ප්‍රවේශ වීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව තායිවානයේ මධ්‍යම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

තායිවානයේ දුම්රිය අනතුරකින් 36ක් මරුට