තාවකාලිකව නැවතුනු උසස් පෙළ සිසුන්ට ටැබ් ලබාදීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
තාවකාලිකව නවතා දැමුණු රජයේ පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක නොමිළේ ලබාදීමේ ව්‍යාපෘතියට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මීට අදාළ යෝජනාව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් ඉදිරිපත් කර ඇත.
එම ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 350කට ආසන්න වන අතර යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු දැක්වා ඇත.
ටැබ් පරිගණක එක්ලක්ෂ 83,000ක් මෙම ව්‍යාපෘතිය යටතේ උසස් පෙළ සිසුන්ට ලබාදීමට නියමිතව ඇත.