තැපැල් ඡන්දදායකයෝ පන්දහසක් ඡන්දය ප්රකාශ නොකරති
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයන් පන්දහසක් පමණ තැපැල් ඡන්දය ප්රකාශ කර නැතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පැවැසීය.
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට රජයේ සේවකයන් හයලක්ෂ පනස් නවදහස් පන්සිය දාහතරක් සුදුසුකම් ලබා සිටියේය.
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්රකාශ කිරීමේ කටයුතු ඔක්තෝබර් 31, නොවැම්බර් 01,04,05 සහ 07 යන දිනවලදී පැවැත්වුණි. තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමේදී ඉල්ලුම්පත් 58,804ක් ප්රතික්ෂේප විය.
සාලිය කුමාර ගුණසේකර
