News

තැපැල් දුම්රිය ධාවනය අද සිට අවලංගුයි

සියලු රාත්‍රී තැපැල් දුම්රිය අද(20) රාත්‍රියේ සිට අවලංගු කර ඇති බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ් ඩී පද්මලාල් මහතා පවසයි.

ඒ අනුව, කොළඹ- බදුල්ල, කොළඹ-මඩකලපුව, කොළඹ-ත්‍රිකුණාමලය සහ කොළඹ- ගාල්ල යන තැපැල් දුම්රිය අවලංගු කර තිබේ.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රටේ පවතින තත්වය අනුව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඒ මහතා පැවසීය.