News

තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ අඹුසැමි යුවලකගේ මළ සිරුරු නිවසකින් හමුවෙයි

ගලේවෙල , දේවහූව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරන ලද අඹුසැමි යුවලකගේ මළ සිරුරු පොලිසිය විසින් සොයාගෙන ඇත.

ඉඩම් ආරවුලක් මත මෙම ඝාතන සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර අසල්වාසීන් සිදුකළ දැනුම්දීමකට අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ තිබේ. ඒ වනවිටත් අඹුසැමි යුවල කැපුම් තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව සිටි බව ගලේවෙල පොලිසිය සඳහන් කරයි.සඳහන් කරයි.