News

තිස්සට එරෙහිව ගොනුකළ නඩුව සමතයකට පත්කර ගැනීමට එකඟතාවක්

කුට ලේඛන ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව සමතයකට පත්කර ගැනීමට එකඟවී ඇති බව නීතිපතිවරයා සහ විත්තියේ නීතිඥවරයා අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතාට දැනුම් දී ඇත.

දෙපාර්ශ්වයේම එකඟතාවට නඩුවේ පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති අගමැතිවරයා හා ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද එකී එකඟතාව සම්බන්ධයෙන් විරෝධතාවක් නොමැති බව අද අධීකරණයට කරුණු දක්වා ඇති අතර එකී එකඟතාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 4 වන දා එම නඩුව යළි කැඳවීමට අධිකරණය දින නියම කළේය.

එම නඩුවේ විත්තිකාර තිස්ස අත්තනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පිරිස් මහතාද විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාත් පෙනී සිටියේය.
වත්මන් ජනාධිපතිවරයාගේ සහ වත්මන් අගමැතිවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා පසුගිය ජනාධිපතිවරණය සමයේදී කූඨ ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට චෝදනා කරමින් මෙම
නඩුව ගොනු කර ඇත.