තීන්දුවක් ගන්න යනකොට ඇමතිවරු බයේ වෙව්ලනවා – රවී
පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (26) පෙරවරුවේ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේදී උන්වහන්සේ බැහැදැකිමට ගිය අවස්ථාවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කර සිටියේ
“2008 වසරේ ඉදලා ලංවිම අලාභ ලබමින් සිටිනවා. වසර 3 යි ලාභ ලබලා තිබෙන්නේ. මෙම කාලසීමාව තුළ ඇමතිවරු කිහිප දෙනෙක් ඉදලා තිබෙනවා. ඒ අය කරපු දේවල් තුළින් නිර්භීත තීන්දු ගන්න බැරිවීම තමයි මේ අලාභයට හේතුව. ගැටලුවක් තිබෙනවා. මෙම ගැටලුව විසදන්නේ කොහොමද කියලා තමයි අපි හිතන්න ඕන යනුවෙන්.
එමෙන්ම ඒ ගැටළුව විසදන්න ජනාධිපති, අගමැති ප්‍රමුඛ කැබිනට් මන්ඩලය විසින් ස්ථීරසාර විසදුමක් සොයනවා. මම දේශපාලනය කරන්නේ කාටවත් යටත්වෙලා නෙමෙයි. ඒ විදියට බයවෙලා දේශපාලනයක් කරන්න බැහැ. නමුත් ලංවිම ඉංජිනේරු සංගමයේ සහ වැඩ කරන පිරිස්වල වටිනා අදහස් අරගන තමයි මම වැඩකරන්නේ. රු. 23.00 ට ජනනය කරලා රු.16.00 ට විකුණලා ලාභයක් ලබන්න පුළුවන්ද. අපි මේකට අවතීරණ වෙන්නේ ස්ථීර විසදුමක් ලබාදෙන්න මිසක් තාවකාලිකව ව්‍යාපාරිකයින්ට අවස්ථාවක් දෙන්න නෙමෙයි. නමුත් මෙය දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
වසර 15ක් බැරිවුණ දේකට අපි මේ කෙටි කාලය තුළ දැනටමත් ශක්තිමත් අඩිතාලමක් දැම්මා කියලා මට කියන්න පුළුවන්. ඇමතිවරු එනවා තීන්දුවක් ගන්න යනකොට බයේ වෙව්ලනවා. ඒ වෙව්ලීම තුළින් ඇතිවෙන දෙදරීම තමයි අද රටට ඇතිවෙලා තිබෙන්නේ” යැයි අමාත්‍යවරයා අවධාරණය කරයි.