News

තුවක්කු හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

කිලිනොච්චිය,පුනරීන්, මුට්කොම්බන් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදනය කරනු ලබන විවිධ වර්ගයේ තුවක්කු හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ (07) අත්අඩංගුවට ගත් බව පූනරීන් පොලිසිය පවසයි.

‍පොලිසිය පැවසූවේ යුධ හමුදා නිළධාරීන් හා පොලිස් නිළධාරීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නිවසක් තුළ තිබි අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවයි.

විවිධ වර්ගයේ දේශීය නිෂ්පාදිත ගිනි අවි කොටස්,පතුරම් හා බදින තුවක්කු වෙනුවෙන් යොදන පතුරම්, කඩු දෙකක් ඇතුළු උපකරණ තොගයක් එලෙස අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය ‍මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුනරීන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය