තෙල් හිඳින්න රට පොල් මද
මාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල් කර්මාන්ත අමාත්‍යාංශ්‍ය සඳහන් කරනවා. එම අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවා විතාරණ මහතා සඳහන් කරන්නේ පසුගිය වසරේ නිසි වර්ෂාවක් නොලැබීම පොල් ඵලදාව අඩුවීමට හේතු වූ බවකි.
මේ දිනවල වෙළෙඳපොලේ පොල් ගෙඩියක වටිනාකම රුපියල් 100 ඉක්මවා අලෙවි කෙරේ.
එබැවින් පොල් කර්මාන්තකරුවන්ට පොල් තෙල් නිෂ්පාදනය කිරීමට විදේශ රටවලින් පොල් මද ගෙන්වීම ආරම්භ වී තිබෙන බව ද ලේකම්වරයා සඳහන් කරනවා.