තොන්ඩමන්ගේ සහයත් සජිත්ට ලැබෙයි – මනුෂ
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සහාය ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර තොණ්ඩමන් මහතා සමග සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවත් ඒවා ධනාත්මක වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
