News

දක්ෂිණ අධිවේගයේ ගොඩගම,පින්නදූව, කඩවත පිටවුම් දොරටු අසල රථ වාහන තදබදයක්

දක්ෂීණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම, ගාල්ල පින්නදූව හා කඩවත පිටවුම් දොරටු අසල මේ වනවිට රථ වාහන තදබදයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම ස්ථානවල සියලු පිටවීමේ දොරටු විවෘත කර මේ වන විට වාහන කඩිනමින් පිටවිම සඳහා පහසුකම් සලසා ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක සඳහන් කළේ.

රියැදුරන් දී ඇති උපදෙස් නොපිළි පැදීම හේතුවෙන් තම වාහනය පිටවීමේ දොරටු අසලදී වෙනත් මන්තීරුවලට යොමු කිරිම හේතුවෙන් මෙම තදබදය උග්‍ර වී තිබෙන්නේ.