News

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය කොටස තාවකාලිකව වසයි

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ එම මාර්ග කොටස තාවකාලිකව වසා දැමීමට සිදුවන බව පොලීසිය දැනුම්දෙයි.

ඒ, අද (06) දින රාත්‍රී 10.00 සිට හෙට (07) අලුයම 3.00 දක්වා ය.

පොලීසිය සඳහන් කරන්නේ අදාළ කාලසීමාව තුළ ඉහත මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් පහත දැක්වෙන විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.