News

දන්ත වෛද්‍යවරු අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ දත්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීහු අද (22 වැනිදා) දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් පවත්වයි.

රජයේ දත්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මෙම වැඩවර්ජනයට සමගාමීව අද (22 වැනිදා) දහවල් 12.00 සිට පස්වරු 1.00 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පවත්වන බවය. 2020 ජනවාරි පළමු වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ස්ථාන මාරු ලැයිස්තුව මෙතෙක් නිකුත් නොකිරීම, සීමාවාසික පුහුණුව ලබන දන්ත වෛද්‍යවරුන්ට හිඟ වැටුප් දීමනා ලබා නොදීම, මහරගම දන්ත ආයතනයේ ඉගැන්වීම් කටයුතු සඳහා ආචාර්යවරුන් බඳවා නොගැනීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව මෙලෙස වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීවේය.

වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය දන්ත සේවා පවත්වාගෙන යන බවද වෛද්‍යවරයා කියයි.

චාමර පල්ලේගෙදර