දඹුල්ල ගබඩාවක සැක පොල් තෙල් කන්ටේනරයක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පෞද්ගලික ගබඩාවක් තුළ නවතා තිබු සැකකටයුතු පොල් තෙල් අඩංගු කන්ටේනර් රථයක් ඊයේ (01) රාත්‍රියේ දඹුල්ල පොලීසිය භාරයට ගෙන තිබේ.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලීසියේ කණ්ඩායමක් විසින් පොල් තෙල් අඩංගු එම කන්ටේනර් රථය පරීක්ෂා කර තිබේ.
ඒ අනුව සැක කටයුතු පොල් තෙල් ලීටර් 20,000ක පමණ ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන ගබඩාව මුද්‍රා තබා තිබේ.
එම පොල් තෙල් තොඟය මිනිස් පරිභෝජනයට සුදුසු ද යන්න තහවුරු කර ගැනීම සඳහා අද(02) දින සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂා කිරීමට නියමිතය.
අදාළ පොල් තෙල් තොඟය ප්‍රවාහනය කිරීමට හෝ ඒවා ගබඩා කිරීමට ලබාදුන් නීත්‍යානුකූල අවසරයක් පත්‍රයක් හෝ කිසිදු ලියකියවිල්ලක් නොමැති බවද දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ප්‍රකාශ කළේය.