ද්‍රවිඩ සංධානයෙන් ඉවත් වෙනවාද? ප්ලොට් – ටෙලෝ තීරණාත්මක තීන්දුව සති 3ක් ඇතුළත
ප්ලොට් හා ටෙලෝ යන දෙමළ දේශපාලන පක්ෂ දෙක ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳ ඉදිරි සති තුන ඇතුළත තීරණයකට එළැඹෙනු ඇති බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් හා ප්ලොට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් යන දෙදෙනා හා දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් අතර පවතින උග්‍ර මත ගැටුම මීට හේතුවී තිබේ. පක්ෂයක් ලෙස ගත යුතු ඉදිරි තීරණ පිළිබඳ ටෙලෝ සංවිධානයේ ජ්‍යෙෂ්ඨත්වය සභාපතිත්වයෙන් මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් වව්නියාව කුරුමන්නාඩු ප්‍රදේශයේදී පවත්වා ඇත.
ප්ලොට් සංවිධානයේ ඉහළ පෙළේ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම සංවිධානයේ ප්‍රකාශකයකු පැවසීය.
දෙමළ ජාතික සන්ධානය සමග සිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය යන පක්ෂ එම සන්ධානයෙන් මීට පෙර ඉවත් විය.
මේ වන විට ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන්නේ ඉලංගෙයි තමිල් අරසු කච්චි, ප්ලොට් හා ටෙලෝ යන දේශපාලන පක්ෂ තුන පමණි.
ලසුනික ජයසුන්දර