News

දාන මාන-අග හිඟකම් ඇති විහාරස්ථාන දැනුම්දෙන්න

රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන කොරෝනා වෛරසය හේතුවෙන්, දාන-මාන පහසුකම් නොමැති අගහිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැලසීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සූදානමින් සිටියි.

එවැනි විහාරස්ථන සම්බන්ධ තොරතුරු, ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලා මඟින් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියන්ට දැනුම් දීමට කටයුතු කරන මෙන් දන්වා සිටියි.

වැඩිදුර තොරතුරු පහත දුරකථන අංකවලට ඇමතීමෙන් විමසිය හැකිය.

0714422006
0382232868
0714394449
0372267225