දැඩි නියගය නිසා මොනරාගල දිස්ත්‍රික්කයේ ලක්ෂයකට වැඩි පිරිසකට පීඩා
මේ දින පවතින දැඩි වියලි කාලගුණය නිසා මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් එකොලොස් දහසකට අයත් පුද්ගලයන් ලක්ෂයකට වඩා වැඩි පිරිසක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ ඒකකයේ මොනරාගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පවසයි.
එම ජනතාව වෙනුවෙන් පානීය ජලය ලබා දීම සහ අවශ්‍ය සහන සැලසීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් එම සහන පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබා දීමට පියවර ගෙන ඇති බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
මෙම වියලි කාලගුණය මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල ,වැල්ලවාය,තණමල්විල,සියඹලාණ්ඩුව සහ බුත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට දැඩිලෙස බලපා ඇති අතර ප්‍රදේශයේ වගා කර තිබූ වගාවන් රැසක්ද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
එමෙන්ම ප්‍රදේශයේ ඇල දොල,වැව් සහ වගා ලිං සම්පූර්ණයෙන්ම පාහේ සිදු ගොස් ඇති අතර ජනතාවගේ එදිනෙදා වැඩකටයුතු කරගැනීමට ද මේ නිසා නොහැකි වී ඇත.
මීට අමතරව පවතින දැඩි වියලි කාලගුණය නිසා වනඅලි ගම්වැදීම වැඩි වී ඇති අතර එම නිසාද ජනතාව දැඩි පීඩාවට පත් වී තිබේ.
මීට අමතරව වියලි කාලගුණය සමග මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති වනාන්තර පද්දති රැසක් විශාල වශයෙන් ගිනි ගැනීමට ලක් වන අතර එම නිසා ස්වාභාවික පරිසර පද්දතිය ද සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වෙමින් තිබේ.
තවත් සති කිහිපයක් මෙම කාලගුණය පැවතුනහොත් ප්‍රදේශයේ ජනතාව තවත් පීඩාවට පත් වන බව ප්‍රදේශයේ ජනතාව කියා සිටී.
ජයන්ත වීරසේකර
