දැදුරු ඔය විදුලි බලාගාරය අද විවෘත කෙරේ
දැදුරු ඔය විදුලි බලාගාරය අද (01දා) පෙරවරු 10.30 ට වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ මෙහෙයවීම අනුව ‘ශ්‍රී ලංකා එනර්ජීස්’ පුද්ගලික සමාගම විසින් මෙම බලාගාරය ඉදිකර ඇත. විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම සහ සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මෙම අවස්ථාවට සහභාගි වෙති.
රුපියල් මිලියන 316ක වියදමින් ඉදි කළ දැදුරු ඔය විදුලිබලාගාරය කිලෝවොට් 1300 ක් ධාරිතාවයකින් යුක්ත වේ.