News

දින 03ක් තුළ බිමත් රියදුරන් 150දෙනෙකුට නඩු

පොලීසිය විසින් උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කල වැටලීම්වලදී දින 3ක් තුළ බීමත් රියැදුරන් 150 දෙනෙකුට එරෙහිව නඩු ගොනු කර ඇත.

කොළඹ ආශ්‍රිතව කළ මෙහෙයුම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම ඉහළ ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම උත්සව සමය වෙනුවෙන් රථ වාහන රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සීමා කිර ඇති බවද පොලිසිය සඳහන් කරයි.