News

දිනකට පිළිකා රෝගීන් 80ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ දිනකට පිලිකා රෝගීන් 80ක් අලුතින් වාර්තා වන බව ජාතික පිලිකා මර්දන ඒකකය පවසයි.

මෙරට වැඩියෙන්ම වාර්තා වන්නේ කාන්තාවන්ගේ පියයරු පිලිකා බව ජාතික පිලිකා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතිරණ මහත්මිය සඳහන් කරයි.

දෙවන වරට වැඩියෙන් වාර්තාවන්නේ මුඛ පිලිකාව බව ඇය සඳහන් කළාය.