News

දියේ ගිලුනු කෙනෙක් බේරගන්න ඔබටත් පුළුවන්

ප්‍රවීන පිහිනුම් උපදේශක, හිටපු ජීවිතාරක්ෂක, ජාතික පුහුණුකරු රොෂාන් විජේසිංහ විසින් ජීවිතාරක්ෂාව පිළිබදව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් ආරම්භ කිරීමට සූදානම් වේ. දිවයින පුරා පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩමුළු මාලාව එළඹෙන සතියේදී කිරිල්ලවල මධ්‍යමහා විද්‍යාලයෙන් ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය වකවානුවේ දිවයින පුරා බහුල ලෙස වාර්තා වූ විශේෂයෙන්ම පාසල් වියේ දරුවන් දියේ ගිලී මියයෑම පිළිබදව සළකාබලා දරුවන්ට ජීවිතාරක්ෂාව පිළිබද වැදගත්කම අවබෝධ කරදීම සදහා මෙම වැඩමුළු මාලාව ක්‍රියාත්මක කරන බව රොෂාන් විජේසිංහ ප්‍රකාශ කරයි. එසේම ක්‍රීඩාවක් ලෙස ද අන්තර්ජාතික මට්ටමින් විජයග්‍රහණ ලබා ඇති ජීවිතාරක්ෂාව පිළිබදව පාසල් සිසුන් මෙන්ම දෙමාපියන්ද දැනුවත් කළ යුතු බව හිටපු ජීවිතාරක්ෂක ජාතික පූණුකරු ප්‍රකාශ කරයි. මේ ඔහුගේ වැඩමුළුව සහ මෙරට ජීවීතාරක්ෂක ක්ෂේත්‍රය පිළිබදව අරුණ කළ සම්මුඛ සාකච්ඡාවයි.