දිවයිනට අද පැමිණි තවත් 600ක් නිරෝධායන මධයස්ථානය වෙත
විදෙස් රටවල සිට තවත් ශ්‍රී ලාංකිකයින් 600කට ආසන්න පිරිසක් අද (11) මඩකළපුව ශරියා විශ්ව විද්‍යාලයට සහ කන්දකාඩු නිරෝධායන මධයස්ථානය වෙත යොමු කර තිබේ.
ගුවන් මගින් අද (11) පැමිණි මගීන් 450දෙනෙකු බස් රථ 17කින් මඩකළපුව ශරියා විශ්ව විද්‍යාලයට සහ කන්දකාඩු මධ්‍යස්ථානය වෙත යවා ඇත.
තවත් 150දෙනෙකු පිටත් කර යැවීමට නියමිතව ඇති බව ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේය.
මෙම පිරිස ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ඩුබායි, කටාර්, මලයාසියාව, තායිලන්තය සහ සිංගප්පූරුව යන රටවල් හරහා දිවයිනට පැමිණ තිබේ.
