News

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට තද වැසි

ඌව ,දකුණ, මධ්‍යම, සබරගමුව,පළාත්වලට සහ කළුතර දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථාන වලට හෙට දිනයේදී මිලීමිටර් 75 ඉක්ම වු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම අද පස්වරු 2 න් පසු මධ්‍යම, වයඹ, බස්නාහිර පළාත් වලට සහ අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බවඑම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.