News

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන්, දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ) වැසි සහ සුළංතත්ත්වයේ වැඩිවීම අද දිනයේත් තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත්  මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

සබරගමුව, මධ්‍යම,බස්නාහිර සහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.