News

දිස්ත්‍රික්ක 12කට රතු නිවේදන

 

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) සවස් කාලයෙන් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අනුව මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක වර්ෂා පතනයක් ඇතිවිය හැකි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද දැනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි නම් අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.